මො / පියනන්ද කනිෂ්ඨ විද්‍යාලය

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳ වීම.

whatsapp-image-2024-11-04-at-13.04.26_1232c1be.jpg
whatsapp-image-2024-11-04-at-13.04.26_1232c1be.jpg

                                   හෙළ දෙස රුහුණේ වෙල්ලස්සේ

                                   කන්ද සුරිඳු රැකවරණ බිමේ..........//

                                   සූර වීර නර දෙටු පද පහසින්

                                   පහස ලැබූ බුත්තල පියසේ

                                   පියනන්ද කනිටු විදුහල් අප මෑණි

                                   සැරදේවා................//

                                   ඔබ කිතු ගොස දස දෙස පැතිරේවා

                                   කිතු ගොස දස දෙස පැතිරේවා....

                                  

 

                                   තෙද විරු ගුණදම් නිති සුරකින්නට

                                   දෙස බස රැස පුබුදා සුරකින්නට

                                   සමගියේ සාමයේ රන්දද නැගුමට

                                   ශිල්ප කලා විදු ඥාන ප්‍රභාවට

                                   දැනුම පහන අප හද තුළ දල්වන

                                   කරුණා ගුණදාරී.....................

                                   පින්බර අප විදුහල් මෑණි

                                   සැරදේවා.......//

 

                                   ඔබ කිතු ගොස දස දෙස පැතිරේවා

                                   කිතු ගොස දස දෙස පැතිරේවා.....

 

                                   උතුම් ඔබේ ගුණ නිති සුරකින්නමු

                                   උතුම් ඔබේ මඟ පෙරමුණ ගන්නෙමු

                                   උදාර අභිමන් සිසුවින වන්නෙමු

                                   සදා ඔබේ පා සිඹ සැනෙසෙන්නෙමු

                                   දැනුම පහන අප හද තුළ දල්වන

                                   කරුණා ගුණදාරී.....................

                                   පින්බර අප විදුහල් මෑණි

                                   සැරදේවා.......//

 

                                   ඔබ කිතු ගොස දස දෙස පැතිරේවා

                                   කිතු ගොස දස දෙස පැතිරේවා......