මො / පියනන්ද විද්‍යාලය ආරම්භ කරන ලද්දේ මල්හෑවේ පියනන්ද හිමිහන් විසිනි. 1970 - 10 - 21 දින ළදරු පාසලක් ලෙස ආරම්භ කර ඇත.
ආරම්භයේදි ගුරුවරුන් තිදෙනෙකු ස්වේච්ඡාවෙන් සේවය කර ඇත. 1972 ජනවාරි 03 වන දින රජයට පවරා ගෙන මො / පියනන්ද විද්‍යාලය ලෙස ලියාපදිංචි කර ඇත. රජයට පවරාගත් පසු ආරම්භක විදුහල්පති වූයේ සී.ආර්. ප්‍රනාන්දු මහතාය. ආරම්භයේ ශිෂ්‍ය සංඛ්‍යාව 58 කි. 1974 ජනවාරි 18 වන දින 60 x 20 ගොඩනැගිල්ලක් විවෘත කර ඇත. 1979 වන විට ගුරුවරුන් 07 ක් හා ශිෂ්‍ය සංඛ්‍යාව 167 කි. 1998 සිසුන් 36 ක් අ.පො.ස. ( සා / පෙළ ) විභාගයට පෙනී සිටි අතර ඉන් 03 දෙනෙකු උසස් පෙළ වරම් ලබා ඇත.
තාවකාලික ගොඩනැගිලිවල පන්ති කාමර පවත්වා ඇත. 1 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පන්ති පවත්වා ඇත. 1981 වර්ෂයේ 9 ශ්‍රේණිය ආරම්භ කර ඇත. 1982 වර්ෂයේ මුල්ම නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පවත්වා ඇති අතර ඉන්පසු වාර්ෂිකව එම උත්සවය පවත්වමින් සමස්ත ලංකා මට්ටමටද දරුවන් යැවීමට ගුරු මණ්ඩලය සමත් වී ඇත.





